නිදන්ගත වකුගඩු රෝගය

බොහෝ දෙනෙකුට නිදන්ගත වකුගඩු රෝගය (CKD) සමඟ සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. ඔබේ වකුගඩුවලට දැනටමත් සිදුව ඇති හානිය අලුත්වැඩියා කර ගැනීමට නොහැකි වුවද, ඔබගේ තත්වය අනිවාර්යයෙන්ම නරක අතට හැරෙන්නේ නැත. වකුගඩු රෝගය සුළු පිරිසකට පමණක් advanced අවධියක් කරා ළඟා වේ. නමුත් ඔබේ තත්වය සාමාන්‍ය මට්ටමක පැවතුනත්, එය වඩාත් නරක අතට හැරීම සහ හර්ද රෝග වැනි වෙනත් සෞඛ්‍ය ගැටළු වල අවදානම අවම කිරීම සඳහා, ඔබ විසින්ම සැලකිලිමත් වීම වැදගත් වේ.

ඔබ විසින් ඔබව රැක බලා ගැනීම

ඔබේ ඖෂධ ලබා ගන්න. ඔබට අසනීප ගතියක් නොදැනුනත් නිර්දේශිත ඖෂධ ලබා ගැනීම වැදගත් වේ. සමහර ඖෂධ අනාගතයේ ඇතිවන බරපතල ගැටළු වළක්වා ගැනීමට සැලසුම් කර ඇත. ඖෂධ සහ අතිරේක දේවල් වලින් ඇතිවිය හැකි අන්තර්ක්‍රියා පිලිබඳව, ඖෂධ සමඟ ඇති තොරතුරු පත්‍රිකාව කියවීමද ඉතා වැදගත් වේ. වේදනා නාශක හෝ පෝෂණ අතිරේකයන් වැනි වෛද්‍ය උපදෙස් වලට අමතර දෙයක් ලබා ගැනීමට අදහස් කරන්නේ නම් ඊට කලින් උපදෙස් ලබා ගන්න. සමහර විට මේවා ඔබගේ වකුගඩුවලට බලපෑම් ඇතිකළ හැකි වනු ඇති අතර එසේත් නැත්නම් ඔබගේ ඖෂධ වලට බාධා ඇති කරයි. ඔබට ඔබ ගන්නා ඖෂධ ගැන ප්‍රශ්නයක් ඇති නම් හෝ ඔබට මෙම ඖෂධ වලින් ඇතිවිය හැකි අතුරු ආබාධ වලට මුහුණ දීමට සිදුවුයේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. සෞඛ්‍ය සම්පන්න අහාර වේලක් ලබා ගන්න. සෞඛ්‍ය සම්පන්න සමබල අහාර වේලක් ලබා ගැනීම මගින් ඔබට ඔබගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීමට සහ තවත් ගැටළු වර්ධනය වීමේ අවධානම අවම කර ගැනීමට උපකාරී වේ. සමබර අහාර වේලක් සඳහා පහත සඳහන් දේවල් ඇතුලත් විය යුතුය:

  • පළතුරු සහ එළවළු ඕනෑ තරම් - අවම වශයෙන් දිනකට කොටස් පහක් ඉලක්ක කර ගන්න
  • පිෂ්ඨමය ආහාර මත පදනම් වූ ආහාර, අර්තාපල්, පාන්, බත් හෝ පැස්ටා වැනි
  • සමහර කිරි හෝ කිරි විකල්පයන්
  • සමහරක් බෝංචි හෝ ධාන්‍ය, මාළු, බිත්තර, මස් සහ ප්‍රෝටීන් වල වල අනෙකුත් ප්‍රභවයන්
  • අඩු මට්ටම් සංතෘප්ත මේදය, ලුණු සහ සීනි

. ඔබේ ආහාර වේලෙහි පොටෑසියම් හෝ පොස්පේට් ප්‍රමාණය සීමා කිරීම වැනි වකුගඩු රෝගයට නිශ්චිතවම උපකාර විය හැකි ආහාරමය වෙනස්කම් පිළිබඳව ද ඔබට උපදෙස් ලබා දිය හැක. නිතිපතා ව්යායාම කරන්න නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් කිරීම මගින්ද, ඔබගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කර ගැනීමට හැකිය. ව්යායාම කිරීමට බිය නොවන්න. වකුගඩු රෝගය කොතරම් බරපතල මට්ටමේ පැවතියද, ව්‍යායාම කිරීම සෑම කෙනෙකුටම ගුණදායකය. ව්‍යායාම කිරීම මගින් ඔබගේ ශක්තිය තවත් වැඩිවනවා පමණක් නොව, නින්දට උපකාරී වීම, ඔබගේ ශරීරයේ ඇට ශක්තිමත් කිරීම. මානසික අවපීඩනය වැලැක්වීම, සහ ඔබව ශක්තිමත්ව තබා ගැනීම වැනි දේවල් වලටද උපකාරී වේ. හදවත් රෝග වැනි අවදානමද අඩු කරයි. ඔබට වැළඳී ඇති වකුගඩු රෝගය මෘදු හෝ මද්‍යස්ථ මට්ටමේ නම්, ව්‍යායාම කිරීමේ හැකියාව අඩු නොකළ යුතුය. ඔබ ඔබගේ වයසට සමාන නිරෝගී වකුගඩු ඇති කෙනෙකුට සමානව, නිතර මහන්සි වී ව්‍යායාම කල යුතු වේ. ඔබගේ රෝගයේ තත්වය වඩාත් නරක අතට හැරී ඇත්නම් හෝ ඔබ කාන්දු පෙරණය (ඩයලසිස්) (dialysis) කිරීමට නිර්දේශ කර ඇත්නම්, ඔබගේ ව්‍යායාම කිරීමේ හැකියාව අඩුවිය හැකි වන අතර ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවය සහ ඉක්මනින් වෙහෙසට පත්විය හැක. නමුත් අධෛර්යමත් නොවන්න. ඔබට ව්‍යායාම තාමත් ප්‍රයෝජනවත් වේ. සෙමින් පටන් ගැනීමට වග බලාගන්න. ක්‍රමයෙන් වැඩි කරන්න. නව ව්යායාම වැඩසටහන ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ පරීක්ෂා කරන්න. දුම්පානය නතර කරන්න. ඔබ දුම් පානය කරන්නේ නම්, දුම්පානය නතර කිරීම මගින් ඔබේ සෞඛ්‍ය වැඩිදියුණු කළ හැකි අතර තවත් බොහෝ සෞඛ්‍ය ගැටළු වල අවධානම අඩු කර ගත හැකිය. ඔබගේ මත්පැන් පරිභෝජනය සීමා කරන්න වකුගඩු රෝගය වැළදී ඇතත් ඔබට තාමත් මත්පැන් පානය කිරීමේ හැකියාව ඇත. නමුත්, මෙය සතියකට මත්පැන් ඒකක 14 නිර්දේශිත සීමාවට වඩා වැඩි නොවිය යුතුය. ඔබ පානය කරන මත්පැන් ප්‍රමාණය අඩු කිරීම ඔබට අපහසු යැයි හැඟෙන්නේ නම්, ඔබ ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්චා කරන්න. එන්නත් ලබා ගන්න. වකුගඩු රෝගය ඔබේ ශරීරයේ සැලකිය යුතු පීඩනයක් ඇති කළ හැකි අතර ඔබව අසාධන වලට වැඩි අවදානමක් ඇති කරයි. මෙම රෝගය වැළඳී ඇති සෑම කෙනෙකුටම වාර්ෂිකව ලබා ගත යුතු උන වැළක්වීමේ එන්නත සහ එක් වරක් පමණක් ලබා ගත යුතු නියුමොකොකල් (pneumococcal) එන්නත ලබා ගැනීමට උනන්දු කරවන්න.

නිතිපතා සමාලෝචනය හා අධීක්ෂණය

ඔබගේ තත්වය නීරීක්ෂණය කිරීම සඳහා නිරතුරුවම ඔබට ඔබගේ වෛද්‍යවරයා හමු වීමට සිදුවේ. මෙම හමුවීම් වලදී:

  • ඔබගේ රෝග ලක්ෂණ ගැන කතා කිරීම - නිදසුනක් ලෙස, ඒවා ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට බලපාන්නේ නම් හෝ වඩාත් නරක අතට හැරී ඇත්නම්
  • ඔබේ ඖෂධ ගැන සාකච්ඡා කිරීම - ඔබට කිසියම් අතුරු අබාධ ඇතිද යන්න ඔබ සිතනවාද යන්න ඇතුළුව
  • ඔබේ වකුගඩු ක්‍රියාකාරිත්වය හා සාමාන්‍ය සෞඛ්‍ය නිරීක්ෂණය සඳහා පරීක්ෂණ

ඔබ සතුව ඇති ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට හෝ වෙනත් ගැටළු සාකච්චා කිරීමට ද මෙය ඔබට හොඳ අවස්ථාවකි. ඔබගේ තත්වය නිවසේදී නිරීක්ෂණය කිරීමට ද ඔබට අවශ්‍ය විය හැක. නිදසුනක් ලෙස ඔබගේ නිවසේදී රුධිර පීඩනය මොනිටරය භාවිතා කිරීමෙන් ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීම. ඔබගේ රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙන්නේ නම් හෝ නව රෝග ලක්ෂණ මතු වුවහොත් ඔබගේ වෛද්‍යවරයා හමු වන්න.

සම්බන්ධතා සහ සහය ලබා ගැනීම

වකුගඩු රෝගය වැනි තත්වයක් නිසා ඔබට, ඔබේ පවුලේ අයට සහ යහළුවන්ට අමතර පීඩනයක් ඇති විය හැකිය. ඔවුන් ඔබට කොතරම් සමීප වුවද ඔබට ඔබගේ තත්වය පිළිබඳව අන් අය සමඟ කතා කිරීම දුෂ්කර විය හැක. වකුගඩු රෝගය සහ එයට අදාළ ප්‍රතිකාර ඔබගේ ජීවිත වලට ප්‍රධාන බලපෑමක් එල්ල කර ඇති බව සිතනවාට වඩා, ඔබ සහ ඔබගේ පවුලේ අයට, මෙම රෝගය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද, සහ රෝගය පාලනය කර ගැනීමට හැකි බව, ආදිය පිලිබඳ වකුගඩු රෝගය ගැන දැනුමක් ඇති කර ගැනීම බොහෝ විට ඔබට උපකාරී වේ. ඔබගේ පවුලේ අය සහ මිතුරන් ට ඔබට උදව් කල හැකි අකාරය දැනෙන පරිදි, ඔබට හැඟෙන ආකාරය ගැන විවෘතව කතා කරන්න,. කෙසේ වෙතත් ඔබට මේ සඳහා යම් කාලයක් අවශ්‍ය නම් ඒ ගැන ඔවුන්ට පැවසීමට මැලි නොවන්න. සහාය ලබා ගන්න ඔබගේ වකුගඩු රෝගය පිලිබඳ ඔබට ප්‍රශ්න ඇතිවිට ඔබගේ වෛද්‍යවරයාට හෝ සත්කාරක කණ්ඩායමට ඔබව සැනසීමට පුළුවන් වේ. එසේත් නැත්නම් පුහුණු කල උපදේශක වරයෙකු, මනෝවිද්‍යාඥ වරයකු හෝ දුරකථන සේවා උපකරකයෙකු සමඟ කතා කිරීම ඔබට උපකාරී වේ,. ඔබගේ වෛද්‍යවරයා හෝ රෝහලෙන් මෙම තොරතුරු ලබා ගත හැකිය. වකුගඩු රෝගය ඇති අනෙක් පුද්ගලයන් සමඟ, ආධාරක කණ්ඩායමක් මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ රෝගය පිලිබඳ ව කතා කිරීමද සමහර පුද්ගලයන්ට වැදගත් වේ.

ගර්භනීභාවය

ඔබ මෘදු හෝ සාමාන්‍ය වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම්, මෙම තත්වය හෝ ප්‍රතිකාර ඔබට දරුවන් ලබා ගැනීමේ අවස්ථාවට බලපෑමක් ඇති කල හැකිය. ඔබට ඇත්තේ ඉතාමත් බරපතල මට්ටමේ වකුගඩු රෝග තත්වයක් නම් එය, ගැහැණු අයගේ මාසික ඔසප් වීම සහ පිරිමින්ගේ ශුක්‍රානු වල ප්‍රමාණය පහත දැමීමට හේතු වන බැවින් ගර්භනී තත්වයට පත්වීමට පහසු නොවේ. නමුත් ඔබට දරුවකු ලබා ගැනීමට නොහැකි බවක් මෙයින් අදහස් නොවේ. එම නිසා ඔබ දරුවකු බලාපොරොත්තු නොවන්නේ නම් උපත් පාලන ක්‍රම භාවිතා කිරීම ඉතා වැදගත් වේ. ඔබට දරුවකු අවශ්‍ය නම් පළමුව ඔබගේ වෛද්‍යවරයා හෝ සත්කාරක කණ්ඩායම හමුවී සාකච්චා කරන්න. මව සහ දරුවාට අවදානමක් ඇති විය හැකි බැවින් ඔබගේ ප්‍රතිකාර සහ පරීක්ෂණ වල වෙනස් කම් සිදු කිරීම අවශ්‍ය විය හැකිය.